
ශ්රී ලංකා - පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය වූ අද පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත්විය.
රාවල්පින්ඩිහිදී ඊයේ (17) ආරම්භ වූ මෙම තරගයේදී ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 98කට සීමා වූ අතර, ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 227ක් ඉදිරියෙන් සිටී.
දෙවන දිනට අද තරගය ආරම්භ කරන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 121ක් ලෙස සිටියේය.
පාකිස්තාන ඉනිම සාර්ථක මට්ටමකට ඔසවා තැබීමට ගාසි ගෝරි සමත් වූ අතර, ඔහු ලකුණු 54ක් රැස්කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ළහිරු කුමාර, ලකුණු 95කට කඩුලු 5ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.














































