
ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින පදියතලාව ප්රාදේශීය සභාවේ 2027 වසර සඳහා වූ අයවැය අද (18) වැඩි ඡන්ද පහකින් පරාජයට පත්ව තිබේ.
පදියතලාව ප්රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අද අයවැය සභාවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 7ක් සහ විපක්ෂව ඡන්ද 13ක් හිමිව ඇත.
අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් හත්දෙනා ඡන්දය ප්රකාශ කර තිබේ.
එමෙන්ම, සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් හයදෙනෙකු, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් තිදෙනෙකු, සර්වජන බලයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබේ.
ඒ අනුව, පදියතලාව ප්රාදේශීය සභාවේ 2027 අයවැය වැඩි ඡන්ද පහකින් පරාජයට පත්ව ඇත.














































