
යතුරුපැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඇහැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
එහිදි සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 16යි මිලි ග්‍රෑම් 990ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 14,850ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් විසින් සොරාගත් යතුරුපැදි 6ක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් බව සඳහන් වෙයි.
ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි, 30 සහ 31 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.













































