
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගනිමින් මිලදී ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 40ක් පමණ වටිනා දේපළ 4ක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
මෙලෙස දේපළ තහනමට ලක්ව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචි ඉන්දික ප්‍රසාද් නොහොත් 'ලාරා' නැමැත්තාට අයත් දේපොළ වේ.
පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මෙම දේපොළ මිලදී ගැනීම සඳහා යොදාගත් මුදල් ඔහුගේ ප්‍රකට ආදායම් මාර්ගවලින් උපයාගත් ඒවා නොවන බවයි.
සංශෝධිත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය යටතේ බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙලෙස ක්‍රියා විරහිත කර ඇති දේපොළ අතර තංගල්ල දංකැටිය ප්‍රදේශයේ පර්චස් 18ක ඉඩමක ඉදිකර ඇති දෙමහල් නිවසක්, දංකැටිය ප්‍රදේශයේ තවත් ඉඩමක් හා එහි ගොඩනැගිල්ලක්, පොලොන්මාරුව ප්‍රදේශයේ පර්චස් 19.20ක ඉඩමක් සහ එහි පිහිටි ගොඩනැගිලි දෙකක් මෙන්ම වල්ගම්පිටිය ප්‍රදේශයේ පර්චස් 37.25ක ඉඩමක් ද වේ.
අද(17) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ කරන දින 14ක කාලයක් සඳහා මෙම ක්‍රියා විරහිත කිරීමේ නියෝගය නිකුත් කර ඇත.

















































