
ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් 20ද තුවාල ලබා ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 35ක පමණ පිරිසක් සිට ඇති බව සඳහන් වෙයි.
බස් රථය පාලමක් අසලින් මීටර් 100ක පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

















































