
ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හලාවත, මාරවිල ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බීඩි කොළ අඩංගු උර හතක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ බීඩි කොළ තොගය වැඩිදුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා බියගම පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
මේ අතර, මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ 2026 වර්ෂයේ මේ දක්වා ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත බීඩි කොළ ප්රමාණය මෙට්රික් ටොන් 23කට ආසන්න වී තිබේ.
නීතිවිරෝධී ලෙස බීඩි කොළ ප්රවාහනය කිරීම ඇතුළු නීතිවිරෝධී ක්රියාකාරකම් මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව දිවයිනේ වෙරළබඩ ප්රදේශ ආශ්රිතව සිය නිරීක්ෂණ හා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කරනු ලබයි.

















































