
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.00ක් දක්වා පහළ ගොස් තිබේ.
එසේම, WTI බොරතෙල් බැරලයක මිල ද සියයට 0.5කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 85.28ක් ලෙස සටහන් වී ඇත.
වෙළෙඳපොළ තුළ බොරතෙල් සැපයුම ඉල්ලුමට සරිලන මට්ටමකට පැමිණ ඇති බවත්, ඉදිරියේදී සැපයුම ඉල්ලුම ඉක්මවා යා හැකි බවත් ආයෝජකයන් විශ්වාස කිරීම හේතුවෙන් මෙලෙස මිල පහළ ගොස් ඇති බව සඳහන් වේ.
මැදපෙරදිග කලාපයෙන් බොරතෙල් අපනයනය යථා තත්ත්වයට පත්වීම, ගෝලීය තෙල් ඉල්ලුමේ වර්ධනයට වඩා වේගවත් වීම හේතුවෙන් මෙම වසරේ සිව්වැනි කාර්තුවේදී ලෝක බොරතෙල් වෙළෙඳපොළ තුළ සැපයුමේ අතිරික්තයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, සැපයුම යථා තත්ත්වයට පත්වීමේ ලකුණු පෙන්නුම් කළ ද, පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත බලශක්ති යටිතල පහසුකම් හා නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර අඛණ්ඩව සිදුවීම හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම තෙල් අපනයන මාර්ගයක් සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිතතාවක් පවතී.

















































