
අද (17) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඉකුත් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය 13 වනදා සිට ඇරඹුණි.
ඒ අනුව එළඹෙන නොවැම්බර් 20 වැනිදා දක්වා දින 7ක කාලයක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහි දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6 ට පැවැත්වීමට නියමිතය.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පැවැත්වෙයි.
විවාදය අවසානයේ 2027 අයවැය පිළිබඳ අවසාන ඡන්ද විමසීම එනම් තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6 ට පැවැත්වෙනු ඇත.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30 ට මෙම අයවැය විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
සජීවී විකාශය පහතින් නරඹන්න..

















































