
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7 (5) උපවගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නව දේශපාලන පක්ෂ තුනක් මැතිවරණ කටයුතු සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කරනු ලැබ තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, 2026 ඔක්තෝබර් මස 21 දින සිට බලපැවැත්වෙන පරිදි පිළිගත් දේශපාලන පක්ෂ ලෙස හිමිකම් ලබන නව පක්ෂ වන්නේ,
- අප ජනතා පෙරමුණ
- තමිල් මක්කල් විඩුතලෛ පුලිකල්
- දෙමළ ජාතික හරිත සංවිධානය
මෙම නව පක්ෂ තුන එකතු වීමත් සමඟම, මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙතෙක් නිල වශයෙන් පිළිගත් සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කරයි.

















































