
අමෙරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩකයකු කිලෝග්‍රෑම් 33.95ක ගංජා තොගයක් සමඟ නයිජීරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නයිජීරියානු ගුවන්තොටුපළකදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මෙම ගංජා තොගය සොයාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
අත්අඩංගුවට ගත් ක්‍රීඩකයා අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පදිංචි 28 හැවිරිදි ග්‍රීන් ඩැමොන්ටේ ඛිරී (Greene Da'monte Khiree) වන අතර, ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා තායිලන්තයේ සිට පැමිණ ඇති බව සඳහන් වේ.
සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාකාරකම් පිළිබඳ ඔහුගේ දැනුවත්භාවය සහ සම්බන්ධ වීම තහවුරු වන සාක්ෂි ලැබී ඇති බව වාර්තා වේ.
ඔහුගේ නම සඳහන් වූ එම ගමන් මලු දෙකෙහි "Loud" ලෙස හැඳින්වෙන ප්‍රබල ගංජා විශේෂයක පැකට් 32ක් තිබී ඇතැයි සඳහන් වේ.

















































