
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලද කපිතාන් එච්. ජී. එම්. කේ. අයි. මේඝවර්ණ මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න මහතා පියවර ගනු ලැබීය.
ඒ අනුව කහවත්ත, බණ්ඩාරහේන ප්‍රදේශයේ පිහිටි එම නිවස වෙත පැමිණි යුද හමුදාපතිවරයා එහිදී පවුලේ සාමාජිකයින් හමුවිය.
1984 දෙසැම්බර් මස 09 වන දින කහවත්තේදී උපත ලද කපිතන් මේඝවර්ණ, කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, 2005 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය.
සිය හමුදා සේවා කාලය තුළ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පැවැති මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වෙමින්, පුදුකුඩිඉරිප්පු සටනේදී දැක්වූ අසමසම වීරත්වය සහ සිදුකළ උත්තරීතර ජීවිත පරිත්‍යාගය අගයමින් ඔහුට රටේ ඉහළම ගෞරවනීය පදක්කම වන "පරම වීර විභූෂණය" හිමිවිය.
මෙම විශේෂ හමුවේදී යුද හමුදාධිපතිවරයා මේඝවර්ණ මහතාගේ පියා සහ පවුලේ ඥාතීන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් මව්බිම වෙනුවෙන් එම පවුල කළ කැපකිරීම කෘතවේදීව සිහිපත් කළේය.
එමෙන්ම, දිවිපිදූ රණවිරුවාගේ පවුලේ සුබසාධනය පිළිබඳව අඛණ්ඩව සොයාබලා කටයුතු කිරීමටත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක හැකි සෑම සහයක්ම ලබාදීමටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කැපවී සිටින බව යුද්ධ හමුදාධිපති මෙහිදී ඔවුන් වෙත සහතික විය.




















































