header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව - සෞඛ්‍ය නි. ඇමති කියයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව - සෞඛ්‍ය නි. ඇමති කියයි
Mobitel 1278

මෙරට ජනගහනයෙන් සියයට 19ක පමණ පිරිසක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඒ අනුව මෙරට සෑම පුද්ගලයින් පස්දෙනෙකුගෙන් එක් අයෙකු පමණ දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවත්, මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ අගයක් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝග අතරට එක්ව ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

විශේෂයෙන්ම රෝග ලක්ෂණ නොමැති වුවද ජනතාව නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා යොමුවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දියවැඩියාව මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රතිකාර හා පාලනයකට යොමු වීමෙන් පසුකාලීන සංකූලතා රැසක් වළක්වා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේ නොවුවහොත් රෝගය සංකීර්ණ වීම හේතුවෙන් මිල අධික ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදුවිය හැකි බවත්, එය පුද්ගලයාගේ ජීවන තත්ත්වයට මෙන්ම රටේ සෞඛ්‍ය පද්ධතියටද දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු පැවසීය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා,

"දියවැඩියාව කියන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට තිබෙන ලොකුම අභියෝගවලින් එකක්. මොකද අපේ ජනගහනයෙන් සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු ලෙස අප හඳුනාගෙන තිබෙනවා. දළ වශයෙන් ගත් විට එය සියයට 19ක පමණ ප්‍රතිශතයක්. නමුත් මේ සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකියි. අපේ රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දර්ශක අතින් ඉහළ තැනක සිටියත්, බෝ නොවන රෝග අතරින් විශේෂයෙන්ම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අප තවමත් සිටින්නේ පසුපසින්.ඊට හේතුව තමයි අපි බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ අපට කිසිදු රෝගයක් නැහැ කියන එකයි. විශේෂයෙන්ම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම ඉතා වැදගත්.

ඒ නිසා කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත්, ජනතාව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.ඔබ රෝගී වීම ඔබට පමණක් නොව සමස්ත රටටම බලපානවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සෞඛ්‍ය පද්ධතියටත් විශාල බරක් එකතු වීමයි. අඩු වියදමකින් ලබාගත හැකි ඖෂධීය ප්‍රතිකාර මගින් පාලනය කළ හැකි දියවැඩියාව, පසුව සංකූලතා දක්වා වර්ධනය වුවහොත් බයිපාස් සැත්කම් වැනි විශාල ශල්‍යකර්ම දක්වා යොමුවීමට සිදුවිය හැකියි.ඒ නිසා ආර්ථිකමය වශයෙන් මෙන්ම ජීවිතයේ ගුණාත්මකභාවය අතින්ද මෙම රෝග පාලනය කර ගැනීම ඉතා වැදගත්. මෙවර අයවැය තුළින් ද බෝ නොවන රෝග සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වැඩි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. අපට වඩාත් වැදගත් වන්නේ රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමයි. එසේ නොමැතිව රෝග සංකූලතා ඇති වූ පසුව ඒවා හඳුනා ගැනීමට සිදුවීම අප වැනි රටකට දරා ගැනීම තරමක් අපහසුයි."

මේ අතර මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 15කට වැඩි පිරිසක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි ජනගහනය සැලකීමේදී සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බවද ඔහු පෙන්වා දෙයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

 ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

 ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

 "මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

"මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

 "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

"18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

 ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

 ''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල ගැන පාරිභෝගිකයෝ කියන කතා "අපි පොඩි මිනිස්සු...කාට කියන්නද?"

Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?