
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
දිවයිනට නැගෙනහිරින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (15) දිනය වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, මෙම කාලගුණ පද්ධතිය හෙට (16) දිනය වන විට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාව පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 5ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ද නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම, මේ වන විටත් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පුද්ගලයන්ට වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.



















































