header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
‘හස්ති සේනා’ මෙහෙයුම නිරීක්ෂණයට ඇමතිවරු එක්වෙයි

Mobitel 1278

අග්බෝ හස්තියා නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදු කරන 'හස්ති සේනා' ජාතික මෙහෙයුම නිරීක්ෂණය කිරීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද (14) එක්විය.

ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙහිදී මෙහෙයුමේ ප්‍රගතිය සහ එය ක්‍රියාත්මක වන ආකාරය සියැසින් නිරීක්ෂණය කළහ.

එම අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ, අලි–මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමටත්, වන අලි සම්පත මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් රජය ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවය.

ඒ සඳහා ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වය අතිශය වැදගත් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, 212 වන පාබල බලසේනාව යටතේ පවතින 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

21 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරල් කමින්ද සිල්වා මහතාගේ, 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායක මහතාගේ අධීක්ෂණය යටතේ, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදාන මහතාගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 68 දෙනෙකු ඇතුළුව 75 දෙනෙකුගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියහ.

එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා ඇතුළු තිරප්පනේ බීට්ටු වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරුන් 03 දෙනෙකු, අඩවි සහකාරවරුන් 06 දෙනෙකු, වනජීවී නියාමකවරුන් 08 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ සහායක නිලධාරීන් 02 දෙනෙකු මෙම විශේෂ මෙහෙයුම සඳහා සහභාගී වූහ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

 ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

 ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

 "මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

 "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

 ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

 ''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල ගැන පාරිභෝගිකයෝ කියන කතා "අපි පොඩි මිනිස්සු...කාට කියන්නද?"

Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි