
යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා වෙත දැනුම් දී ඇතිබව කථානායක කාර්යාලය අද (10) සඳහන් කළේය.
රජය විසින් පසුගියදා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත ගෙන එනු ලැබූ අතර ඊට පාර්ශ්ව ගණනාවකින් විරෝධය එල්ල විය.
මේ අතර රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.
ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත තුළ යහපත් ප්‍රවණතාවක් පැවතියද විසඳිය යුතු තීරණාත්මක ගැටලු කිහිපයක් පවතින බව එම සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දී ඇත.
රඳවා තබා ගැනීමේ නියෝග, කඩිනම් සහ ඵලදායී අධිකරණ පාලනයකට සහ අධීක්ෂණයට යටත් විය යුතු බවත්, රඳවා තබා ගැනීම සම්බන්ධ අභියාචනා විභාග කරන ස්වාධීන සමාලෝචන කමිටුව සැබවින්ම ස්වාධීන විය යුතු බවත්, ත්‍රස්තවාදය යන්නෙහි අර්ථ නිරූපණය හිතාමතා මරණය හෝ බරපතල ශාරීරික හානි සිදුකරන ක්‍රියාවලට පමණක් සීමා විය යුතු අතර දේපළවලට සිදුවන හානි ඊට ඇතුළත් නොවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් අවධාරණය කර තිබේ.
















































