
හංවැල්ල පොලිස් වසමේ දස වේල්ල ප්‍රදේශයේ වැව් බැම්මක් තුළ පිහිටි පැරණි මහෝගනී ගසක බෙනයක් තුළි තිබී 9mm උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන තිබේ.
ඒ, එම කාර්යංශයේ රැඳවුම් භාරයේ සිටින ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් කරුණු මතය.
අදාළ ගිනි අවි අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර තවදුරටත් බස් ලලිත් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිතය.
















































