
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් රුවන්වැලි සෑය අභියස පවත්වන ලද සත්යග්රහ ව්‍යාපාරයක් අතරතුර එහි සිටි පුද්ගලයන්ට එල්ල වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් විමර්ශනයක් පොලීසිය විසින් සිදු කර නොමැති බව පෙත්සම්කරු පෙන්වා දී තිබේ.
මෙම අසම්මත හා නීතිවිරෝධී ක්‍රියාව හමුවේ තමන් ඇතුළු පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු සිය පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටී.
















































