
අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ ලිපිකරු III වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිල වශයෙන් නිකුත් කර තිබේ.
පසුගිය 2026 ඔක්තෝබර් 17 වන දින පවත්වන ලද මෙම විභාගයට අදාළ ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.jsc.gov.lk වෙත පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව දන්වා සිටියි.
මෙහි මීළඟ අදියර ලෙස, අදාළ බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කටයුතු 2026 නොවැම්බර් 22 වන දින (ඉරිදා) දින සිදු කිරීමට නියමිතය.
එදින පෙ.ව. 9.00 සිට කොළඹ 12, මහාධිකරණ පරිශ්‍රයේදී මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
විභාගයෙන් සමත්ව ඇති අපේක්ෂකයින්ට නියමිත දිනට අදාළ ලියකියවිලි සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.
















































