
බ්‍රිතාන්‍ය ලේඛක එම්. ජෝන් හැරිසන් 2026 වසරේ කීර්තිමත් බුකර් සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.
ඒ ඔහු විසින් රචිත The End of Everything නවකතාව වෙනුවෙනි.
මෙහි විශේෂත්වය වන්නේ වයස අවුරුදු 81ක් වන හැරිසන්, බුකර් සම්මානය දිනාගත් ඉතිහාසයේ වයස්ගතම ලේඛකයා බවට පත්වීමයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් තබා ඇත්තේ, 2019 වසරේදී බර්නාඩින් එවාරිස්ටෝ සමඟ සම සම්මානය දිනාගත් මාග්‍රට් ඇට්වුඩ් ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 79කි.
ලෝක විනාශයකින් පසු අනාගතයක් ගැන කියවෙන නවකතාවක් පිටු 198කින් සමන්විත The End of Everything නවකතාව, මෙවර බුකර් සම්මානය සඳහා ඉදිරිපත් වූ කෘති අතරින් කෙටිම කෘතිය වීම ද විශේෂත්වයකි.
ලෝක ව්‍යාප්ත මහා ව්‍යසනයකින් පසු නුදුරු අනාගතයේ සිදුවන සිදුවීම් පදනම් කරගෙන මෙම නවකතාව නිර්මාණය කර තිබේ.
එහි කතාව ප්‍රධාන වශයෙන් චරිත දෙකක් වටා ගොඩනැඟී ඇත.
2026 වසරේ බුකර් සම්මානය දිනාගැනීමත් සමඟ අඛණ්ඩව තෙවැනි වසරටත් බ්‍රිතාන්‍ය ලේඛකයෙකුට මෙම සම්මානය හිමිවීම ද විශේෂත්වයකි.
2024 – සමන්තා හාවි (Orbital)
2025 – ඩේවිඩ් සාලේ (Flesh)
2026 – M. ජෝන් හැරිසන් (The End of Everything)
මෙවර සම්මානය දිනාගැනීමත් සමඟ හැරිසන්ගේ කෘතිය සඳහා පාඨක ඉල්ලුම සහ අලෙවිය තවදුරටත් ඉහළ යනු ඇතැයි පොත් අලෙවිකරුවන් අපේක්ෂා කරති.
විශේෂයෙන්ම, විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය ද උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස පිළිගත යුතු බව මෙම ජයග්‍රහණය හරහා යළිත් අවධාරණය වන බව විනිශ්චය මණ්ඩලයේ සභාපතිනි මේරි බියර්ඩ් පෙන්වා දී තිබේ.
















































