
තුර්කියේ ඉස්මීර් (Izmir) වරාය නගරය අසල පිහිටි යකඩ සහ වානේ කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුවී ඇත්තේ තුර්කියේ ප්රධාන වානේ නිෂ්පාදකයෙකු වන අලියාගා (Aliaga) හි පිහිටි 'හබාස් ඩිමීර් සෙලික්' (Habas Demir Celik) කම්හලේදීය.
මියගොස් සහ තුවාල ලබා ඇත්තේ එම කම්හලේ සේවය කළ සේවකයින් පිරිසකි.
කම්හලේ විදුලි ආස්රැත උදුනක (electric arc furnace) නඩත්තු කටයුතු සිදු කරමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත.
















































