
අහුන්ගල්ල මුහුදේ දිය නෑමට ගිය රුසියානු ජාතික පවුලක සිව්දෙනෙකු ක්ෂණික දියවැලකට හසුවී දියඹට ගසාගෙන යමින් තිබියදී අහුන්ගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
අද (09) දහවල් 11ට පමණ මෙම අනතුර සිදුව ඇත.
අහුංගල්ල වෙරළ තීරයේ පිහිටි පොලිස් ජීවිතාරක්ෂක නිරීක්ෂණ මුරකුටියට මීටර් 50ක් පමණ වම් පසින් සහ වෙරළේ සිට දියඹ දෙසට මීටර් 100ක් පමණ දුරින් මෙම රුසියානු ජාතික මව, පියා සහ පුතුන් දෙදෙනා දියවැලට හසුවී ඇත.
ගොඩබිමට ඒමට නොහැකිව ඔවුන් උදව් ඉල්ලා කෑගසමින් අත් ඔසවා උදව් ඉල්ලා ඇති අතර, එය දුටු වෙරළේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇත.
අදාල නිලධාරීන් වහා මුහුදට පැන විදේශීය ජාතිකයින් හතර දෙනා නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් තිබේ.
පසුව ඔවුන්ට මූලික ප්‍රථමාධාර ලබා දී ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවන බව තීරණය කර එම විදේශිකයන් නවාතැන් ගෙන සිටි හෝටලයේ කළමනාකරු වෙත ආරක්ෂිතව භාර දී ඇත.
















































