
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ රැසකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම් අද (09) රාත්රී 20:00 සිට හෙට (10) රාත්රී 20:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්රික්කය - පස්සර
ගාල්ල දිස්ත්රික්කය - නාගොඩ
කෑගල්ල දිස්ත්රික්කය - දැරණියගල, දෙහිඕවිට
නුවරඑළිය දිස්ත්රික්කය - නිල්දන්ඩාහින්න, වලපනේ, අඹගමුව කෝරලේ
මහනුවර දිස්ත්රික්කය - උඩුදුම්බර
රත්නපුර දිස්ත්රික්කය - ඇහැලියගොඩ, ඇලපාත, අයගම, වැලිගෙපොල
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය - මීගහකිවුල, ඇල්ල
කොළඹ දිස්ත්රික්කය - පාදුක්ක, සීතාවක
ගාල්ල දිස්ත්රික්කය - තවලම, ඇල්පිටිය, කරන්දෙනිය
කලුතර දිස්ත්රික්කය - වලල්ලවිට, පාලින්දනුවර, ඉංගිරිය, බුලත්සිංහල, මතුගම, අගලත්ත
මහනුවර දිස්ත්රික්කය - උඩුනුවර, තුම්පනේ, මිණිපේ, යටිනුවර, දොළුව, පස්බාගේකොරලේ, උඩපළාත, ගඟ ඉහල කෝරලේ
කෑගල්ල දිස්ත්රික්කය - අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල, වරකාපොල
නුවරඑළිය දිස්ත්රික්කය - මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, නෝර්වුඩ්
මොණරාගල දිස්ත්රික්කය - වැල්ලවාය
රත්නපුර දිස්ත්රික්කය - ගොඩකවෙල, කොලොන්න, බලන්ගොඩ, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට
අධික වර්ෂාවත් සමඟ මෙම ප්රදේශවල නායයෑම්, පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින්, අදාළ ප්රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටියි.
















































