header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන් - තීරණය කථානායකට සහ ජනපතිට
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන් - තීරණය කථානායකට සහ ජනපතිට
Mobitel 1278

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව පුද්ගලයෙක් පැය 72 ක් රඳවා ගත හැකි බවට පනත් කෙටුම්පතේ සඳහන් ප්‍රතිපාදනය පැය 48 ක් ලෙස සංශෝධනය කරන බව නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.  

ඔහු වැඩිදුරටත් කියා සිටියේ‍ පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල, "පච්චා සහ සලකුණු" පිළිබඳ ප්‍රතිපාදන ඇතුළු ප්‍රතිපාදන කිහිපයක්ම ඉවත් කිරීමට යෝජිත බවය.

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් 26ක් විභාග කිරීමේ කටයුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පසුගිය 04 වනදා ආරම්භ විය.

අදාළ පෙත්සම් සම්බන්ධයෙන් වූ නීතිපති ස්ථාවරය දැනුම්දීම අද දිනට යෙදී තිබුණු අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කරමින් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කියා සිටියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධ ඉදිරිපත් කිරීමට නියමිත බවය.

එහිදී අදාළ සංශෝධන අඩංගු ලේඛනයක් ද සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයට ඉදිිරිපත් කළේය.

" ස්වාමීනි...මෙම පනත් කෙටුම්පතට අදාළව පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කළ සංශෝධන සලකා බැලීම සිදුවුණා. ඒවා අදාළ අමාත්‍යංශ වෙත යොමුකර කරුණු සාකච්ඡා කළා. එහිදී සංශෝධන කීපයක් මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට එකඟතාවය ඇතිවුණා. ඒ යටතේ අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ වගේම අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බුද්ධිමය දේපළ වැරදිවලට අදාළ ප්‍රකාශන හිමිකම් සම්බන්ධ වැරදි (Copy Rights)  වැරදි පමණක් ඉවත් කිරීමටත් එකඟතාවය පළ වුණා. ඊට අමතරව මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම රඳවා ගැනීම සහ රැඳවුම් නියෝග ලබා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සිදුකළ හැකි සංශෝධන ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා." යනුවෙන් කියා සිටියේය.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ජනාධිපතිවරයා පවා මෙම පනත් කෙටුම්පතට සංශෝධන සිදු කළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බව පෙන්වා දුන්නේය.

ඒ අනුව සොලිසිටර් ජනරාල්වරයා පනත් කෙටුම්පතට සිදුවන සංශෝධන පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළේය.

" ස්වාමීනි... සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකරන අපරාධ සාමාන්‍ය අපරාධවලට වඩා සංකීර්ණයි. නිදසුනක් ලෙස සංවිධානාත්මක අපරාධ කල්ලි සිදුකරන මිනීමැරුම් ගැන සලකා බැලුවොත් එම මිනීමැරුම සිදුකිරීමට තීරණය කරන්නේ එක් පුද්ගලයෙක්. නමුත් එම මිනීමැරුම සිදුකරන වෙඩික්කරුව ඔහු හඳුනන්නේ නෑ. ආයුධය ලබා දෙන්නේ තවත් පුද්ගලයෙක්. ඒ අනුව පැහැදිලි වෙනවා මෙම අපරාධ මොන තරම් සංකීර්ණ ද කියලා. එවැනි අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කාර්යක්ෂම නීතිමය ප්‍රතිපාදන, නවීන විමර්ශන ක්‍රමවේද මෙන්ම දියුණු තාක්ෂණික ක්‍රමවේද අවශ්‍යයි. එම අරමුණු ඉටුකර ගැනීම තමයි මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණ."

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙසේ විමසීය.

"මෙම පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද ? එහි අඩංගු වගන්ති වලින් ජනමාධ්‍ය කටයුතුවලට බලපෑමක් එල්ලවන බවට ප්‍රකාශ වුණා"

ඊට පිළිතුරු දුන් සොලිසිටර් ජනරාල් වරයා " ස්වාමීනි.... මෙහි 14 වන වගන්තිය සඳහන් කර තිබෙනවා බරපතල අපරාධවලින් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියට පත් නොකළ යුතු බවට. වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහායි මෙම වගන්තිය ඇතුළත් කර තිබෙන්නේ. එමෙන්ම 14(3) වගන්තිය තුළින් සඳහන් කර තිබුණා බරපතල අපරාධ සම්බන්ධ නඩුවලට අදාළ කරුණු ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අධිකරණයේ අනුමැතිය ලබා ගත යුතු බවට. එම වගන්තිය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. "

මෙහිදී අගවිනිසුරුවරයා සොලිසිටර් ජනරාල්වරයාට විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වැරදි සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ඉවත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳව සලකා බලන ලෙසය.

අනතුරුව වැඩි දුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජනරාල්වරයා පනත් කෙටුම්පතේ සඳහන් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබාගැනීමේ කාලසීමාව පිළිබඳ විධිවිධාන සංශෝධනය වන ආකාරය පැහැදිලි කළේය.

" මෙම පනත් කෙටුම්පතේ 20 වන වගන්තියේ සඳහන් අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු පැය 72 ක් රඳවා තබාගත හැකි බව සඳහන් ප්‍රතිපාදනය පැය 48 ක් ලෙස සංශෝධනය කෙරෙනවා. ඉන් පසුව අදාළ පුද්ගලයා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ යුතුයි. 21 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු රඳවා තබාගැනීම සඳහා රැඳවුම් නියෝග ඉල්ලා සිටීම පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පති තනතුරට නොඅඩු පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ යුතුයි. එසේ ඉල්ලීම කළ විට මහජන ආරක්ෂක ලේකම්වරයා සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් වූවොත් අදාළ රැඳවුම් නියෝග නිකුත් කළ යුතුයි. මාස දෙකේ සිට වසරක කාලයක් සදහා රැඳවුම් නියෝග නිකුත් කිරීමට මහජන ආරක්ෂක ලේකම්වරයාට බලය තිබෙනවා. මාස දෙකකට වඩා රැඳවුම් නියෝග දීර්ඝ කරන්නේ නම් ඒ සඳහා මහජන ආරක්ෂක ලේකම් විසින් හේතු ඉදිරිපත් කළ යුතුයි. එසේම මාස දෙකකට වඩා රැඳවුම් නියෝග දීර්ඝ කරන්නේ නම් නීතිපතිවරයා මාර්ගයෙන් මහාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුයි. එසේ නිකුත් කරන රැඳවුම් නියෝග වල පිටපත් අත්අඩංගුවේ පසුවන පුද්ගලයාට ලබාදිය යුතුයි. වසරක් රැඳවුම් කාලයෙන් පසුව අත්අඩංගුවේ පසුවන පුද්ගලයාට මහාධිකරණයෙන් ඇප ඉල්ලීම් සිදුකළ හැකියි. ඒ අනුව මෙම වගන්ති වලින් අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා ගැනීමේ ක්‍රියාවලිය අධිකරණයේ අධීක්ෂණයට නතුකර තිබෙනවා."

මෙහිදී සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ "පච්ච සහ සලකුණු" සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ ඇතුළත්කර තිබූ වගන්තිය ද ඉවත් කිරීමට තීරණය කර ඇති බවය.

පසුව සිය කරුණු දැක්වීම අවසානයේ සොලිසිටර් ජනරාල්වරයා මෙසේ පැවසීය.

" මෙම කරුණු හරහා අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, රැඳවුම් නියෝග නිකුත් කිරීම, ඇප ඉල්ලීම වැනි කරුණු අධිකරණයේ අධීක්ෂණයට ලක් වෙනවා. පනත් කෙටුම්පතට යෝජනා කර ඇති සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ සිදු කිරීමට නියමිතයි. එම නිසා මෙම පනත් කෙටුම්පත කියන තරම් බරපතල නොවන බව සඳහන් කළ යුතුයි. එබැවින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් හෝ ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකියි."

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම අවසානයේ මෙම පනත් කෙටුම්පතට අදාළ සංශෝධන පිළිබඳ ලිඛිත දේශන අනිද්දා සවස 4.00 පෙර ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුව එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

 

MostRead
Mobitel 1278
VideoStories
දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ