
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
උන්වහන්සේ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සඳහා ධර්ම විනයානුකූලව කටයුතු කළ යුතු බවය.
ඒ බැවින් උන්වහන්සේ ඇතුළු දස නමකගෙන් සමන්විත සංඝසභා නියෝජිත පිරිසක් බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කර තමන්ට දන්වන ලෙස ද උන්වහන්සේ ලිපිය මගින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.
එමෙන්ම ඒ සඳහා දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස උන්වහන්සේ දැනුම් දී ඇත.
මෙම ලිපියේ පිටපතක් බන්ධනාගාර අධිකාරිවරයා වෙතද යොමු කර තිබේ.
















































