
නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයන් තිදෙනෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහා රෝහල වෙත යොමු කර තිබේ.
පසුගිය හයවැනිදා ධීවරයින් හත් දෙනෙකු රැගත් ‘චේශාන් පුතා 02’ නමැති බහුදින ධීවර යාත්‍රාව ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් විසි පහක පමණ දුරින් නැගෙනහිර ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරමින් සිට ඇත.
එම අවස්ථාවේදී එහි සිටි යාත්‍රාවේ ධීවරයන් තිදෙනෙකු හදිසි රෝගී තත්වයකට ලක්ව ඇති බවටත් ඔවුන්ට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් දැනුම්දෙන ලදී.
ඊට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ධීවරයින් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නැගෙනහිර නාවික විධානයට අනියුක්ත පී 450 දරන වේග ප්‍රහාරක යාත්‍රාව යොමු කරනු ලැබීය.
ලබාදෙමින් කඩිනමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.
















































