
මහජනතාව වෙත සපයනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂවම සහ පහසුවෙන් ලබාදීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ.
ඒ අනුව එක්දින සේවාවන් ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන් පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්යය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සියලු සේවාවන් ඒ හරහා සිදු කරගත හැකිය.
ඒ අනුව කොළඹ - 011 2 117 116, ගම්පහ - 033 2 117 116, කුරුණෑගල 037 2 117 116, හම්බන්තොට 047 2 117 116, අනුරාධපුරය 025 2 117 116 සහ යාපනය 021 2 117 116 යන දුරකථන මාර්ගයෙන් වේලාවන් වෙන්කරවා ගත හැකි අතර මෙම කාර්යාලවලින් යතුරුපැදි පමණක් නව ලියාපදිංචි කිරීම් සිදු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම වේලාවන් වෙන් කරගැනීම dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා සිදු කරගත හැක.
දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවන බව සඳහන්ය.
සාමාන්‍ය වාහන අයිතිය පැවරීමේ ලිපි ලේඛන භාරදීම නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකරගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















































