
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද (08) එහි ස්වයංක්‍රීය වාන්දොරටු දෙකක් විවෘත වී තිබේ.
අද ප.ව. 1:16 ට වාර්තා වූ දත්තවලට අනුව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමින් මීටර් 438.04ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අනුව ජලාශයේ පළමු වාන්දොරටුව මීටර් 0.702කින් සහ දෙවන වාන්දොරටුව මීටර් 0.705කින් විවෘත වී ඇති අතර, ඒ ඔස්සේ තත්පරයට මීටර් කියුබ් 159ක (159 m³/sec) ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදාහැරෙමින් පවතී.
ඒ අනුව මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත් වන ලෙසත්, ගඟට බැසීමෙන් හා භාවිතයෙන් වළකින ලෙසත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ල සිටී.
ඊයේ (7) රාත්‍රී 7.20ට පමණද මෙහි වාන් දොරටු 2ක් ස්වයංක්‍රීයව විවෘත වූ අතර, මධ්‍යම රාත්‍රිය වනවිට එය දොරටු 4ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
කෙසේ නමුත් අද උදෑසන වනවිට එම සියලු දොරටු යළි ස්වයංක්‍රියව වැසීයාමෙන් පසුව මෙලෙස යළි විවෘත වී තිබේ.


















































