
වත්මන් ආණ්ඩුව දිනෙන් දින මෙරට උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති සාකච්ඡාවකදීයි.
"වර්තමාන රජය දිනෙන් දිනම අපේ රටේ උපාධිධාරීන්ගේ රැකියා අයිතිය ලබා දෙනවා වෙනුවට එය උල්ලංඝනය කිරීම සුපුරුදු ප්‍රතිපත්තික් බවට ඉදිරියට කරගෙන යනවා. විශේෂයෙන්ම දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා විභාග පවත්වලා 2023 පවත්වපු විභාගයෙන් 704ක් සමත්වෙලා ඒ සමත්වුණු අයට පත්වීම් ලිපි ලබා දෙන්නටත් දින යොදවලා හදිසියේම කැබිණට් මණ්ඩල තීරණ හරහා එය කල්දමලා තිබෙනවා. අධිකරණයේ පවතින නීතිමය තත්ත්වය හේතුවක් හැටියට ඉස්සරහට දාලා"


















































