
ගාල්ල ධීවර වරාය පරිශ්රයේ පිහිටි බෝට්ටු නඩත්තු අංගනය තුළ අද (8) දහවල් ගින්නක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් වරායේ නවතා තිබූ බෝට්ටු කිහිපයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.
නඩත්තු අංගනයේ නවතා තිබූ පැරණි බෝට්ටුවක හටගෙන ඇති මෙම ගින්න, තවත් බෝට්ටු කිහිපයක් වෙත පැතිරී ගොස් ඇත.
ගින්න පාලන කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව, ගාල්ල නාගරික ගිනිනිවීමේ ඒකකය, වරාය පොලිසිය සහ ධීවර ප්රජාව එක්ව සිටී.
ඒ සඳහා ගිනිනිවීමේ රථ 3ක් පැමිණ ඇති අතර, ගින්න තරමක් දුරට මේ වනවිට පාලනය කිරීමට හැකිවී ඇති බව වාර්තා වේ.


















































