
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන හෙට (09) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ අනුව හෙට සිට එළැඹෙන 14 වැනි දින දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ හෙට ආරම්භ වන මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන බවය.
එහිදී අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හී සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවෙකු නොමැති පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ පවිත්‍ර කිරීම, පාසැල් පිරිවෙන්, විශ්ව විද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් සංවිධානය කිරීම, මෙහෙයුම් මැදිරියක් මගින් දෛනික කටයුතු අධීක්ෂණය ඇතුළු කාර්යයන් රැසක් මේ සතියේදී ඉටු කිරීමට බලාපොරොත්තු වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව මෙහි අනෙකුත් පාර්ශ්වකරුන් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන එක්ව කටයුතු කරනු ඇත.


















































