
දසත පැතිරී ඇති අඳුර පරදා ප්‍රඥාවේ ආලෝකය දැල්වේවායි සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත්, ලෝකවාසී හින්දු බැතිමතුන්ටත් දීපාවලි සුබපැතුම් එක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.
දීපාවලි දිනය සහෝදරත්වය, සංහිඳියාව සහ මානව ප්‍රේමය ජයග්‍රහණය කරවීම උදෙසා සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් ජාතික උත්සවයක් බවද දිලිත් ජයවීර මහතා සිය දීපාවලී සුබපැතුමෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම රටක් ලෙස ලෝකය ඉදිරියේ අපගේ සංස්කෘතියේ අනන්‍යතාව සහ විචිත්‍රත්වය සුවිශේෂී ලෙස විදහා දැක්වීමට දීපාවලි වැනි උත්සව මහත් පිටුවහලක් සපයන බවද සඳහන් කර ඇති දිලිත් ජයවීර මහතා, සියලු හින්දු බැතිමතුන්ට සුබ දීපාවලි දිනයක් වේවායි හෘදයාංගම සුබාශිංසන එක්කර තිබේ.















































