
ජපානයේ මධ්‍යම ප්‍රදේශයට අද (08) අලුයම රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
එම භූ කම්පනයෙන් පුද්ගලයන් 24කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ ටෝකියෝ නගරයට බටහිර දෙසින් පිහිටි ෂිසුඕකා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් අද අලුයම 1.04ට මෙම භූ කම්පනය හටගෙන ඇති බවය.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, මේ වන තෙක් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවද සඳහන්.
භූ කම්පනයේ බලපෑම හේතුවෙන් ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය ඇතුළු ප්‍රාදේශීය දුම්රිය සේවා කිහිපයක ගමනාගමනය ද තාවකාලිකව ප්‍රමාද කිරීමට සහ අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර, අද පෙරවරු 10.53ට ජපානයේ නිරිතදිග ප්‍රදේශයේ කුමමොටෝ කලාපය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 4.3ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන තිබේ.
ජපානය පිහිටා ඇත්තේ පැසිෆික් සාගරය ආශ්රිත භූ කම්පන බහුල කලාපයක් වන Ring of Fire තුළය.
ඒ හේතුවෙන් එරටට වාර්ෂිකව භූ කම්පන සිය ගණනක බලපෑම් එල්ල වේ.















































