
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 14ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රාගම, ඉහලගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කොලොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 23 හැවිරිදි සහ 26 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















































