
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනෝජ් මුතුකුමාරණ හෙවත් කයිවාරු මුතූ නැමැත්තා එළැඹෙන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් මහතා හමුවට අද (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
සැකකරු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට බාර දී තිබුණි.
ඒ අනුව එම කොට්ඨාසය විසින් සැකකරුට එරෙහිව පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකළ අතර පසුව සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
සැකකරුට ඝාතන සිදු කිරීම, සැලසුම් කිරීම, අනුබල දීම ආදි චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාගවන නඩු කිහිපයක සැකකරුවෙකු ලෙසටද නම් වී තිබුණි.
එමෙන්ම නවගමුව පොලිසිය මගින් අද දින තවත් චෝදනා කිහිපයක් යටතේ සැකකරුට එරෙහිව නඩු ගොනු කර ඇති බවද වාර්තා වේ.
















































