
ඉන්ධන ආනයනය මත පැවති අධික වියදම අවම කරගනිමින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති වෙළඳපොළ තුළ ප්‍රබල බලවේගයක් බවට පත්වීමට ඉන්දියාව සමත්වී සිටින බව ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් පෙන්වාදී තිබේ.
එසේම සීග්‍රයෙන් වර්ධනය වන ඉන්දියාවේ සූර්ය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රය හරහා ගෝලීය සැපයුම්දාමයන් විවිධාංගීකරණය කිරීම සඳහා ද විශාල අවස්ථාවක් නිර්මාණය වී ඇති බව එහි සඳහන් වෙයි.
නවදිල්ලි නුවර පැවැති 'භාරත් පුනර්ජනනීය බලශක්ති සමුළුවේදී' එළිදක්වන ලද ඉන්දීය පුනර්ජනනීය බලශක්ති වෙළඳපොළ වාර්තාව 2026 මගින් පෙන්වා දෙන්නේ, පසුගිය දශකය තුළ ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සිව්ගුණයකින් පමණ ඉහළ ගොස්, එය 2026 වසර වනවිට ගිගාවොට් 300 ඉක්මවා ඇති බවය.
ඒ අනුව, වර්තමානය වන විට ඉන්දියාව ලොව දෙවනුවට වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති වෙළඳපොළ මෙන්ම ලොව දෙවන විශාලතම සූර්ය බලශක්ති මොඩියුල නිෂ්පාදකයා බවට පත්වී ඇත.
මීට අමතරව, සමස්ත විදුලිබල ධාරිතාවයෙන් 50%ක් පොසිල නොවන බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමේ ඉලක්කය, නියමිත කාලයට වසර පහකට පෙර සපුරා ගැනීමටද ඉන්දියාව සමත්වී ඇත.
2011 සහ 2025 අතර කාලය තුළ පුනර්ජනනීය විදුලිබල උත්පාදනය හේතුවෙන් ගල්අඟුරු සහ ස්වාභාවික වායු ආනයන වියදම්වලින් අමෙරිකානු ඩොලර් බිලියන 100 කට වැඩි මුදලක් ඉතිරි කරගැනීමට ඉන්දියාවට හැකිවී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
2030 වනවිට ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ගිගාවොට් 530 දක්වා ළඟා වනු ඇති බවටද අනාවැකි පළ කෙරෙයි.














































