
කෝටි 7කට අධික මත්ද්‍රව්‍ය මුදල් සංසරණය කිරීමේ චෝදනාවකට සැකපිට අපරාධකරුවෙකුගේ සහෝදරියක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශයකින් අනතුරුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු සැකකරුවන් 5ක් සම්බන්ධව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබී ඇත.
එම එක් සැකකරුවෙකුගේ සහෝදරියක් විසින් පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන ගිය ගිණුම් 4ක් සම්බන්ධව විමර්ශන නිලධාරීන්ට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ගිණුම් වෙත රුපියල් කෝටි 7 කට අධික මුදලක් සංසරණය වී ඇති බව එහිදී නිරීක්ෂණය කරගෙන ඇත.
එම මුදල් මෙම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් විසින් බැරකර ඇති බවට වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව එම ගිණුම් පවත්වාගෙන යාමේ චෝදනාවට සැකපිට ඉහත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 49ක් වන මඩපාත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය අද (6)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































