
ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වීඩියෝ පටයක් නිකුත් කරමින් 41 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.
මෙම මසට යෙදී ඇති ජාත්‍යන්තර තරග විරාමයෙන් අනතුරුව තමන් පෘතුගාල ජාතික කණ්ඩායමේ 'අංක 7 ජර්සිය ආපසු භාර දෙන' බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
2003 වසරේ දී කසකස්තානයට එරෙහිව එවක 18 හැවිරිදි යෞවනයකු ලෙස පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසියේය.
එතැන් පටන් වසර 23ක ජාත්‍යන්තර පාපන්දු දිවිය තුළ ඔහු පෘතුගාලය වෙනුවෙන් තරග 234කට සහභාගි වී ගෝල 146ක් වාර්තා කිරීමට සමත්විය.
ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා වැඩිම වාර ගණනක් සහභාගී වීම මෙන්ම, වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවක් වාර්තා කිරීම යන අංශ දෙකෙහිම ලෝක වාර්තාව අදටත් රොනාල්ඩෝ සතු වීම විශේෂත්වයකි.
එසේම පාපන්දු ක්‍රීඩකයෙකුට තම ක්‍රීඩා දිවිය තුළ ලැබිය හැකි ඉහළම ඇගයීම වන කීර්තිමත් 'බැලොන් ඩියෝර්' (Ballon d'Or) සම්මානය ඔහු අවස්ථා 5කදී දිනාගෙන ඇත.



















































