
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (05) නියෝග කළේය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ, ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් (රු. 990,000) වැය කර දේශපාලන කටයුතු සඳහා ජී.අයි. (GI) බට 600ක් මිලදී ගැනීම මඟින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
අදාළ නඩුව අද (05) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නියම කර තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම් කර ඇති අතර, අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් තිදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.



















































