
විදේශ ගත කරදෙන බවට පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය මගහරිමින් සිට ඇති අතර ඇයට එරෙහිව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු 12 ක් නිකුත් කර තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
රාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ(04) රාත්‍රී කාලයේදී සිදුකළ වැටලීමකදී රාගම පොලිස් වසමේ හින්කෙන්ද ප්‍රදේශයේදී සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අවුරුදු 40ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය අද(05) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රාගම පොලීසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.



















































