header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සොයිසාපුර හෝටල් හිමිකරු ඝාතනයට පැමිණි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට
සොයිසාපුර හෝටල් හිමිකරු ඝාතනයට පැමිණි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට
Mobitel 1278

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී හෝටල් හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනවලදී මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

පසුගිය 20 වැනිදා සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ කුඩු අංජු’ගේ ප්‍රබල අනුගාමිකයෙකු බව කියන ජයවර්ධන කොට්ටගේ රුවන් කුමාර නමැත්තා විදේශයක සිට මෙම අපරාධය මෙහෙයවා ඇති බවය.

එමෙන්ම, අපරාධය සංවිධානය කිරීම සඳහා ඔහු මීට පෙර අවස්ථාවකදී මෙරටට පැමිණ නැවත විදේශගත වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

රුවන් කුමාර නමැත්තා ලබාදුන් උපදෙස් මත අදාළ සැකකරු අපරාධයට පෙර දිනයේදී හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රථගාලකට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහි තිබූ මෝටර් රථයේ බැටරිය අක්‍රිය වීම හේතුවෙන් එදින අපරාධය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

ඒ සඳහා රුපියල් 100,000ක මුදලක් රුවන් කුමාර විසින් සැකකරුගේ ඥාති පුත්‍රයෙකුගේ බැංකු ගිණුමකට බැර කර ඇති බව ද සඳහන් වේ.

පසුදින, එනම් 20 වැනිදා, පෑලියගොඩ ප්‍රදේශයේ සිට නැවත හෝමාගම වෙත පැමිණ ඇති සැකකරු ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ අදාළ මෝටර් රථයෙන් කොට්ටාව සහ පිළියන්දල හරහා මොරටුව, කටුබැද්ද ප්‍රදේශයට ගොස් තිබේ.

අනතුරුව, කටුබැද්ද ඇවිදින මංතීරුව අසලදී වෙඩික්කරු සහ තවත් පුද්ගලයෙකු ගිනිඅවිය ද සමඟ එම මෝටර් රථයට ගොඩ වී ඇත.

පසුව ඔවුන් සොයිසාපුර ප්‍රදේශයට ගොස් අදාළ හෝටල් හිමිකරු ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අපරාධය සිදු කිරීමෙන් අනතුරුව රුවන් කුමාර විසින් සැකකරුගේ බැංකු ගිණුමට තවත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් බැර කර ඇති බව ද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ‘මෝදර නවීන්’ සහ ‘වැල්ලේ සාරංග’ වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ද සමීප සබඳතා පවත්වා ඇති අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

අදාළ සැකකරු අද (29) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
 

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana