header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රතු වරෙන්තුකරුවන් 112ක් රටවල් 13ක සිටින බවට පොලීසිය හඳුනාගනී
රතු වරෙන්තුකරුවන් 112ක් රටවල් 13ක සිටින බවට පොලීසිය හඳුනාගනී
Mobitel 1278

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 112 දෙනෙකු රටවල් 13ක සැඟව සිටින බව හඳුනාගෙන ඇති බවත්, එම සැකකරුවන් සහ සැකකාරියන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගනිමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.

"රටම එකට" ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අදාළ අපරාධකරුවන් 2027 වසර වන විට මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම අපරාධකරුවන් නීති විරෝධී ලෙස මුදල් උපයන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ බව පෙන්වා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එම නීති විරෝධී මුදල්වලින් උත්පාදිත දේපොළ සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ කොට්ඨාස දෙකක් හරහා පැය 24 පුරාම විමර්ශන සිදු කරන බවද ප්‍රකාශ කළේය.

රජය සතු කර ගැනීමට සැලසුම් කර ඇති දේපොළ වටිනාකම්:

2024 වසර: රුපියල් මිලියන 1,490ක දේපොළ

2025 වසර: රුපියල් මිලියන 1,549ක දේපොළ

2026 වසර (ඊයේ දින වන තෙක්): රුපියල් මිලියන 1,656ක දේපොළ

මෙම දේපොළ අතරට රන් ආභරණ, ඉඩකඩම්, යානවාහන සහ මුදල් අයත් වේ.

මත්ද්‍රව්‍ය වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම්

පසුගිය වසර දෙකක කාලය තුළ සහ 2026 වසරේ මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොග:

හෙරොයින් - කිලෝ 4,483ක් (වටිනාකම රුපියල් බිලියන 107.942ක්)

අයිස් මත්ද්‍රව්‍ය - කිලෝ 7,129ක් (වටිනාකම රුපියල් බිලියන 121.64ක්)

ගංජා - කිලෝ 33,277ක් (වටිනාකම රුපියල් බිලියන 5.293ක්)

කොකේන් - කිලෝ 333ක් (වටිනාකම රුපියල් බිලියන 14.306ක්)

පවතින නීති ප්‍රකාරව අයිස්, හෙරෝයින් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, සන්තකයේ තබා ගැනීම, වෙළඳාම, ජාවාරම හෝ නිෂ්පාදන කටයුතුවල යෙදී සිටියදී අසුවුවහොත්, මහාධිකරණ නඩු කටයුතුවලින් පසු අදාළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම හෝ මරණ දඬුවම නියම වන බව වුට්ලර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

"රටම එකට" ජාතික මෙහෙයුමේ පසුගිය වසරේ ප්‍රගතිය

2025 ඔක්තෝබර් මස ආරම්භ වූ "රටම එකට" ජාතික මෙහෙයුමට මේ වන විට වසරක් ගත වී ඇති අතර, එම වසර තුළ පොලිස් භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය.

හෙරෝයින් - කිලෝ 2,835යි ග්‍රෑම් 682ක්

අයිස් - කිලෝ 3,550යි ග්‍රෑම් 750ක්

කොකේන් - කිලෝ 297යි ග්‍රෑම් 135ක්

ගංජා - කිලෝ 11,167යි ග්‍රෑම් 569ක්

එමෙන්ම, පසුගිය වසර පුරා විවිධ අපරාධවලට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයින් 5,743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන්ගෙන් 450 දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතී.

මෙම අපරාධ මැඩලීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසියට විශාල අභියෝගයක් වුවද, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ දැඩි සහයෝගය නිසැකව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana