
තායිලන්තයේ සිට මෙරටට සූක්ෂමව ගෙන ආ ගංජා සහ හෂීස් තොගයක් රේගු භාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබේ.
ත්යාගයක් ආනයනය කරන ලෙස මෙරටට ආනයනය කරන ලද මේස කොටස් ලෙස සකස් කළ සැකකටයුතු භාණ්ඩ කිහිපයක් පෑලියගොඩ ප්රදේශයේ රේගු ගුදමකදී රේගු පරික්ෂාවට ලක් කිරීමේදී මෙම ගංජා සහ හෂීස් තොගය සොයා ගැනීමට සමත්ව ඇත.
එහිදී එම මේස ලෑලි අභ්යන්තරයේ සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්රව්ය මෙරටට රැගෙන විත් ඇති බව රේගුව සඳහන් කළේය.
ඒ අනුව ගංජා ග්රෑම් 2,428ක් සහ හෂීස් මත්ද්රව්ය ග්රෑම් 12,372ක් මෙහිදී රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව 29 හැවිරිදි රාගම ප්රදේශයේ සැකකරුවෙකුද රේගු භාරයට ගෙන තිබේ.
රේගුව සඳහන් කළේ රේගු භාරයට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 24ක් සහ හෑෂ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 133ක් වන බවය.
ජ්යෙෂ්ඨ රේගු අධ්යක්ෂගේ (මගී සේවා) උපදෙස් මත ශ්රී ලංකා රේගුවේ මගී සේවා අංශයේ නියෝජ්ය රේගු අධ්යක්ෂ එම්.කේ.ආර් කුමාර මහතා විසින් මෙම සැකකටයුතු භාණ්ඩ තොගය හඳුනා ගෙන ඇති අතර, මගී සේවා අංශයේ රේගු නිලධාරීන්, රේගු මත්ද්රව්ය පාලන ඒකකයේ නිලධාරීන් සමග මෙම මත්ද්රව්ය තොගය රේගු භාරයට ගැනීමට කටයුතු කර ඇත.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්ද්රව්ය තොගය පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතය.



















































