
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ඔක්තෝබර් 27 වැනිදා වන විට සබරගමුව, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වල ආපදා සහන කණ්ඩායම් 17ක් ස්ථානගත කර ඇති බවය.
ඒ අනුව, රත්නපුර ප්රදේශයේ කණ්ඩායම් තුනක් සහ යටියන්තොට ප්රදේශයේ කණ්ඩායම් දෙකක් ස්ථානගත කර ඇති අතර, මීතොටමුල්ල, නාවලපිටිය, ගම්පොළ සහ මහියංගනය යන ප්රදේශවල ද එක් කණ්ඩායම බැගින් යොදවා තිබේ.
වයඹ නාවික විධානය යටතේ පුත්තලම ප්රදේශයේ කණ්ඩායම් දෙකක් ද, නිකවැරටිය, කුරුණෑගල සහ නීලබැම්ම යන ප්රදේශවල එක් කණ්ඩායම බැගින් ද ස්ථානගත කර ඇත.
එමෙන්ම, දකුණු නාවික විධානය යටතේ තවලම ප්රදේශයේ එක් කණ්ඩායමක් ද, නැගෙනහිර නාවික විධානය යටතේ දිගන්පතාන ප්රදේශයේ කණ්ඩායම් දෙකක් ද අවශ්යතාව මත යෙදවීම සඳහා සූදානම් කර තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට කඩිනමින් ප්රතිචාර දැක්වීම සහ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.



















































