
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම උපරිම ධාරිතාවට ළඟා වීමත් සමඟ අද (27) රාත්රී 8.00ට පමණ වාන් දොරටු දෙකක් ස්වයංක්රීයව විවෘත වී තිබේ.
ජලාශ භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා සඳහන් කළේ, එක් වාන් දොරටුවකින් තත්පරයකට ඝන මීටර් 75ක ජල ප්රමාණයක් මුදාහැරෙන බවය.
ඒ අනුව වාන් දොරටු දෙකෙන්ම තත්පරයකට ඝන මීටර් 150ක ජල ප්රමාණයක් මහවැලි ගඟට මුදාහැරෙන බව ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.
මෙලෙස මුදාහරින ජලය මහවැලි ගඟ ඔස්සේ පහළින් පිහිටි රන්දෙනිගල ජලාශය වෙත ගලා බසින බව ද සඳහන් වේ.
ඒ හේතුවෙන් මහවැලි ගඟ පහළ නිම්නයේ ජල මට්ටම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ගඟ භාවිත කිරීමේදී වැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටී.



















































