
ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන විර්මශන සිදු කිරිමට ත්රස්ත මදන සහ විර්මශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
2015 වර්ෂයෙදී ඉන්දියානු ආරක්ෂක අංශ මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය හිටපු සමාජිකයෙකු එම සංවිධානය ප්රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන එරට අධිකරණයේ නඩු විභාගයෙන් වරදකරු වීමෙන් පසු වසර 10 ක සිරදඬුවම් ලබා දී ඇත.
එම දඬුවම අවසන් වීමෙන් පසු එම පුද්ගලයාව මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව, එම පුද්ගලයා ඊයේ (26) රාත්රී කාලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්යයන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇත.
එහිදී පොලිස් ත්රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුද 50 ක් වන මාසියපිට්ටි, සන්දිලිපායී ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
මෙම සැකකරු සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ලබාදී ඇති තොරතුරු සම්බන්ධව වැඩිදුර ප්රශ්න කිරීම් සඳහා පැය 72 රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
ත්රස්ත විර්මශන කොට්ඨාසය මගින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.



















































