
උතුරු සහ දකුණු කොරියාව අතර පවතින දිගුකාලීන මතභේද ගැටුමක් දක්වා වර්ධනයවීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඒ, පසුගිය මාසයේදී දේශසීමාව ආසන්නයේ සිදුවූ පිපිරීමකින් දකුණු කොරියානු සෙබළුන් තිදෙනෙක් මරුමුවට පත්වීමේ සිදුවීමක් මුල්කරගෙනය.
උතුරු සහ දකුණු කොරියාව අතර පසමිතුරුකමක් පවතින්නේ දශක 7කටත් වැඩි කාලයක සිටය.
මෙවන් පසුබිමක දෙරට අතර පවතින දේශසීමාවේ ස්ථානගත කර ඇති උතුරු කොරියානු අවි, දකුණු කොරියාව දෙසට ස්ථානගත කර ඇතැයිද විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම කලාපය දෙපස කලාපය යුද මුක්ත කලාපයක් ලෙස පවත්වාගෙන යාමට දෙරටම එකඟවී තිබේ.
කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේදී යම් බිම්බෝම්බ පිපිරීමකින් දකුණු කොරියානු සෙබළු තිදෙනෙක් තුවාල ලැබීමත් සමඟ දෙපාර්ශ්වය අතර යම් මතභේදයක් නිර්මාණය වුණි.
දකුණු කොරියාව අවධාරණය කරන්නේ උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවය.
එහෙත් එය දකුණු කොරියාව කෘත්රිමව නිර්මාණය කළ කතාවක් බව උතුරු කොරියාවේ මතය වෙයි.



















































