
කැලණි ගඟ ද්රෝණියේ ඉහළ ධාරා ප්රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පවතින වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස ඉල්ලා සිටියි.
තවදුරටත් වර්ෂාව අධික වුවහොත් හංවැල්ල ප්රදේශයෙන් පහළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්රදේශ වෙතද මෙම ගංවතුර තත්ත්වය ව්යාප්තවීමට ඉඩ ඇති බැවින්, අදාළ ආපදා කළමනාකරණ අංශ මේ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.



















































