
2026 අපොස සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්යය ප්රායෝගික පරීක්ෂණ මණ්ඩල පෙර සුදානම් කළ පරිදි අදළ මධ්යස්ථානවල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (27) දින පමණක් දිවයිනේ සියලුම පාසල් නිවාඩු දිනයක් ලෙස අධ්යාපන අමාත්යාංශය විසින් ප්රකාශයට පත්කරනු ලැබුවද සෞන්දර්ය විෂයයෙහි ප්රායෝගික පරීක්ෂණ මණ්ඩල පෙර සූදානම් කළ පරිදි අදාළ මධ්යස්ථානවල පැවැත්වෙන බව සියලු අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතොත් සිසුන්ට අදාළ කලාපයේ කලාප අධ්යාපන අධ්යක්ෂ වෙතින් විමසා උපදෙස් ලබාගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
වැඩිදුර විමසීම්
ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංකය : 0112784208, 0112784537
ෆැක්ස් අංකය : 0112784422



















































