
මෙරට චීන තානාපති එච්.ඊ. වෙයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මෙම හමුවේදී දෙරට අතර බෞද්ධ හා සංස්කෘතික හුවමාරු සහ සහයෝගීතාව පුළුල් කරගැනීම සම්බන්ධයෙන් පුළුල් හා ගැඹුරු සාකච්ඡා පැවැත් වූ බව මෙරට චීන තානාපති කාර්යාල පවසයි.
මෙම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික හා අධ්යාපන කටයුතු භාර උපදේශිකා ජි ලිලි (Ji Lili) මහත්මියද සහභාගී වී ඇත.



















































