
දෙමටගොඩ පොලිස් ස්ථානය අපකීර්තියට පත්වන ආකාරයෙන් සහ අසත්ය තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්ය ඔස්සේ සංසරණය කරන ලද වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත මධ්යම අපරාධ විමර්ශන කාර්යංශය (CCIB) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, පසුගිය ඔක්තෝබර් 22 වන දින හෝ ඒ ආසන්න දිනයකදී "වස් කවියක් ලියූ" බවට සැකපිට තරුණයෙකු දෙමටගොඩ පොලිස් ස්ථානයට ගෙන්වා ප්රකාශයක් සටහන් කරගත් බවට පවසමින් මෙම අසත්ය වීඩියෝ පටය සමාජ මාධ්ය වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.
මෙම අසත්ය ප්රචාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මධ්යම අපරාධ විමර්ශන කාර්යංශය, අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්රචාරණ කටයුතු සිදු කළ නීතිඥ සුදත් වික්රමරත්න මහතාව අද දින (26) එම කාර්යංශය වෙත කැඳවා ප්රකාශයක් සටහන් කර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.



















































